ප්‍රාදේශීය රජකම් ලැබීමට හේතුවන පුණ්‍ය නිධානය.
මට අවශ්‍යතාවයක් ඇති වුනොත් මගේ ප්‍රයෝජනයට මේක හේතු වෙනවා කියල හිතල කෙනෙක් වතුර එනකල් ගැඹුරට හාරලා නිධාන තැන්පත් කරනවා.
රජවරුන්ට යම් යම් වස්තුව ගෙවා රැකවරණය ලැබීමටත්, හොරුන්ගෙන් වන පීඩාවලදී ඔවුන්ට වස්තුව දීලා නිදහස් වීමටත්, නයකාරයන්ගෙන් නිදහස් වීමටත්, දුර්භික්ෂ කාලයකදී ගැනීම පිණිසත් මේ ලෝකයේ නිධාන කියල දෙයක් තැන්පත් කරනවා.
ඉතින් වතුරට යනකල් ගැඹුරට හාරලා වඩාත් සුරක්ෂිත විදිහට ඒ නිධාන තැන්පත් කලත් ඒ හැම නිධානයක්ම හැමදාම ඔහුට ප්‍රයෝජනයට ගන්නට ලැබෙන්නේ නෑ.එක්කෝ නිධානය තිබුණු තැනින් වෙනස් වෙනවා,එක්කෝ නිධානය තිබුණු තැන ඔහුට අමතක වෙනවා, එක්කෝ නාගයෝ ඒ නිධානය තිබුණු තැනින් වෙනස් කරනවා, එක්කෝ යක්ෂයෝ ඒ නිධානය අරගෙන යනවා, එක්කෝ ඔහුට නොපෙනෙන්නට ඔහු අකමැති උරුමක්කාරයෝ ඒ නිධානය ගොඩ ගන්නවා, යම් දවසක පින ගෙවිල ගියොත් එතකොට ඒ ඔක්කොම වැනසිලා යනවා.
යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් රකිනවා නම්, සිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා නම්, අන්න ඒ තමයි ඉතා හොඳින් තැන්පත් කරපු නිධානය වෙන්නේ.දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත්, මව්පියන්ටත්, වැඩි මහලු සහෝදර සහෝදරියන්ටත්, දන්දීම් ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ.පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා.ඔක්කොම අත් හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ.
මේ පුණ්‍ය නිධානය හැමදෙනාටම බෙදා ගන්න බෑ, හොරුන්ට පැහැර ගන්නත් බෑ, තමා පස්සෙන් එන අන්න ඒ පුණ්‍ය නිධානයයි නුවනැත්තා පින් වශයෙන් කල යුත්තේ.
දෙවි මිනිසුන්ට තමන් කැමති හැම සැප සම්පතක්ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමයි.යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ලම මේ පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවනි.
ලස්සන රූපයක් ලැබෙන්නත්, මනා අඟපසඟ යුතු සුන්දර සිරුරක් ලැබෙන්නෙත්, ඉහල සමාජ තත්වයක් ලැබෙන්නත්, පිරිවර සම්පත් ලැබෙන්නත් මේ පුණ්‍ය නිධානය හේතු වෙනවා.
ප්‍රාදේශීය රජකම් ලැබෙන්නත්, සැප සම්පත් ලැබෙන්නත්, දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබෙන්නත්, ප්‍රිය මනාප වූ සක්විති සැප ලැබෙන්නත් මේ හැම දේකටම මේ පුණ්‍ය නිධානය හේතු වෙනවා......
- ඛුද්දක නිකායට අයත් "නිධිකණ්ඩ සූත්‍රය" ඇසුරෙන් -